Step Up Revolution (2012) | SLHELPCOM

Step Up Revolution (2012)


මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම සිනමා සිත්තමක් මන් අද ඔයාලට අරන් අවා..පහුගිය දින වල අපේ රටේ සිනමාහල් වල මේ චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳදමමින් ප්‍රදර්ශනය උනා ඔයාලට මතක ඇති. මේ වන විටත් IMDb රේටින් වල 6.1/10න් ලබා තියෙන මෙම චිත්‍රපටිය Step Up චිත්‍රපටමාලාවේ සිව්වෙනි චිත්‍රපටියයි. හරිම ලස්සන නැටුම් කලාවක් මෙම චිත්‍රපටියෙන් ඔයාලට ගෙන එනවා. අපිටනම් එහෙම නටන්න තියා හිතාගන්නවත් බැහැ. හරිම නිර්මාණශීලී, ඉස්තරම්ම විදිහේ නර්තන තියෙන මේ චිත්‍රපටිය කවුරුවත් නොබලා ඉඳීවි කියලා මමනම් හිතන්නෙ නැහැ. ඒ තරමටම පට්ටයි.
මෙම චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ මියාමි නගරයේ සිටින නැටුම් කල්ලියක් වටායි. ඒ කල්ලිය අමුතු අමුතු තැන්වල අමුතු අමුතු විදිහේ නර්තන ප්‍රසංග ඉදිරිපත් කර එම වීඩියෝ යූ-ටියුබ් වෙබ් අඩවියේ ඇති තරඟයකට ඉදිරිපත් කරනවා. එම තරඟය තියෙන්නේ මිලියන දහයක් නරඹන පලමු වීඩියෝවට විශාල ත්‍යාග මුදලක් ලබා දීමටයි. ඒ අතරේ ව්‍යාපාරිකයෙක් විසින් මියාමි නගරයේ සංවර්ධන වැඩසටහනක් දියත් කරනවා. ඒ සංවර්ධන වැඩසටහන නිසා අපේ මේ නර්ථන කණ්ඩායමේ සාමාජිකයින්ට උන්හිටි තැන් අහිමි වෙන්නයි යන්නේ.. ඔවුන් එයට විරුද්ධ වෙන්න යොදා ගන්නෙත් මෙම නර්තන කල්ලි සම්ප්‍රදායයි. මේ අතරේ අර ව්‍යාපාරිකයගෙ එකම දුවත් හොරෙන් මෙම නර්තන කල්ලියට එකතු වෙනවා. එහෙම එකතු වෙන්නේ එයා වෙනත් නර්තන ආයතනයක රැකියාවක් කිරීමට අවශ්‍ය නර්තන සුදුසුකම් සපුරා ගැනීමටයි. ඒ අතරේ මේ එමලි නම් ගෑනු ලමයා මේ නැටුම් කණ්ඩායමේ ඉන්න ෂෝන් කියන අපේ ප්‍රධාන නළුවත් එක්ක පුංචි හාදකමකුත් ඇති කර ගන්නවා. කතාව නියමෙට ගලාගෙන යනවා..
ඉතින් අපේ මේ මියාමි වාසීන්ට ඔවුන්ගෙ නිවාස අර සංවර්ධන ව්‍යාපෘතිය නිසා නැති වේවිද? ඒ වෙනුවෙන් මේ අපේ නර්තන කල්ලිය මොන වගේ නැටුම් නටාවිද? ව්‍යාපාරිකයගෙ දුව තාත්තගෙ පැත්ත ගනීවිද, නැත්නම් කොල්ලගෙ පැත්ත ගනීවිද? ඔවුන්ට අර යූ-ටියුබ් වෙබ් අඩවියේ තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? ව්‍යාපාරිකයා මේ නර්තන කල්ලිය මැඩපවත්වන්න මොන වගේ පියවර ගනීවිද? වගේ පැණයන්ට පිළිතුරු චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

View Trailer


 

0 comments:

Post a Comment