General Computer Virus ~ පරිඝනක වයිරස හැදින්වීම | SLHELPCOM

General Computer Virus ~ පරිඝනක වයිරස හැදින්වීම


පරිගණක වයිරස කාණ්ඩ

රිගණක වයිරසයක් යනු -

පරිගණකය බාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පරිගණක පද්දතියට හානි කරමින්
නැවත නැවත එය විසින්ම එය නිෂ්පාදනය කරගනිමින් පරිගණකයේ අඩංගු Data වලට හානිකරන
වැඩසටහන්.

Boot Sector Virus

මාස්ටර් බුට්‌ රෙකොර්ඩ් එකෙහි හාර්ඩ් ඩ්‍රයිව් එක නැත්තම් ෆ්ලොපි ඩිස්ක් එකට තමයි මේ බුට්‌ සෙක්ටර් වයිරස් එක බලපාන්නේ , මේ නිසා පරිගණකය බුට්‌ වෙන විට පරිගණකය තුල ලිවීමේ අයිතිය දීල තියෙන සෑම දිහවකටම මේ වයිරස් එක පැතිරී යනවා , මොකද බුට්‌ සෙක්ටර් රෙකොර්ඩ් එක තමයි මේ සදහා දායක වෙන්නේ ,

File or Program Viruses

සමහර ෆයිල් රන් කිරීමේදී මෙම වයිරස් වර්ගය රන් වී මෙමරි එකට හා ක්‍රියාකාරී අංග සමග රන් වී පද්දතිය අක්‍රිය කරයි
extensions .EXE, .COM, .BIN, .DRV and .SYS .

Multipartite Viruses

නම වගේම මෙම වයිරස් එක target කරන්නේ Multiple platforms ,
මේ මගින් බුට්‌ සෙක්ටර් එකට වගේම ධාවනය වන දත්ත , ප්රෝග්‍රම්ස් , ෆයිල් ද විනාශ කරයි ,
මේ වර්ගයේ වයිරසක්‌ යම් ෆයිලයක් infect කලොත් එම ෆයිලයද නැවත තව ෆයිලක් infect කරන මට්ටමකට ලගා වෙයි ,
මේන් දිගින් දිගටම් මේම ක්‍රියාවලිය සිදු කරයි,
Ghostball යන්න පළමුවැනි multipartite virus එක ලෙස සොයා ගන්න ලද්දේ , Fridrik Skulason ,. October 1989. දිනදීය ,

Stealth Viruses

හදුනා ගැනීමට අපහසු වර්ගයේ වයිරස් විශේයයකි , AV (Anti Virus) , ප්‍රති වයිරස ප්‍රෝග්‍රෑම් මගින් සෙවීම වැලක්වීමට එක එක වර්ගයේ උපක්‍රම භාවිතා කරයි ,
විටෙක මෙය තමා විසින්ම System මෙමරියෙන් අයින් වන්නේ ප්‍රතිවටිරස වැඩසටහන් වලට සොයා ගැනීම අපහසු කිරීමටය ,
එවැන්නක් සොයා ගනුනනහොත් , මෙම වයිරස් වර්ගය වෙනත් කිසිම හානියක් නොමැති ෆයිලක් දෙසට ප්‍රතිවයිරස වැඩසටහන පෙන්නයි , (හරියට හැකිං වල තියෙන මිස් ඩිරෙක්ෂන් තියරි කියන ක්‍රමය වගේ )

Polymorphic Viruses

මෙය තරමක් වෙනස් ස්වරූපයකින් පෙන්නයි , මෙම වයිරස් සැම වෙලාවකම තම ව්‍යාප්තිය ස්රන අවස්ථාවකදීම ප්‍රතිවයිරස වැඩසටහනට නිශ්බ්ද ලෙස වයිරස කේතය තවත් ෆයිලයක Signature සලකුණක් ලෙස පෙන්නයි , මෙම නිසා ප්‍රතිවයිරස වැඩසටහනට මෙය හදුනා ගැනෙන්නේ තවත් ෆයිලයක ඇති හදුනා ගැනීමේ සංකේතයක් ලෙසය , ප්‍රති වයිරස වැඩසටහන් ක්‍රියාකත්මක වන්නේ නිශ්චිත වයිරස කේතයක් සොයා බැවින් මෙම වයිරස කාණ්ඩය සෙවීම AV එකට අපහසුය ,

Macro Viruses

අපේ අයට වඩාත් සුපුරුදු විය යුතය , 95 , XP කාලේදී නම් වැඩියම ප්‍රසිද්ද උනේ මෙම කාණ්ඩයේ වයිරස , මයික්‍රොසොෆ්ට් වර්ඩ් , පවර් පොයිට් , වැනි වැඩසටහන් ඉලක්ක කරගෙන මෙම වයිරස කාණ්ඩය ක්‍රියාතමක වේ , එහි ඇති දත්ත වෙනස් කිරීම , වෙනත් දත්ත ලෙස පෙන්වීම හැරුණු කොට මෙහි වෙනත් හානියක් නොමැත,
මෙලිස්සා වොර්ම් එක අපිට පුරුදු මෙවැනි මැක්‍රෝ වර්ගයේ වයිරසයක්.

ඔන්න එහෙනම් ඔයාලා මෙකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කොම්මෙන්ට් එකක් ලයික් එකක් එහෙම දාලා යන්න :D
 

0 comments:

Post a Comment