SLHELPCOM
SLHELPCOM

VLC Media Player එකෙන් Screen එක බලාගමු


ඔන්න යාලුවනෙ කාලෙකින් පොඩි දෙයක් ඔයාලට අරන් අවා හැමදාම එකම දෙ වෙනුවට අද පොඩි වෙනස් දෙයක් අරන් අවා කැමති අය කරලා බලන්න Fun හොදෙ :D  යළුවනේ දැන් මම ඔයාලට කියල දෙන්න හදන්නේ VLC Media Player එකෙන් දාන්න පුළුවන් පොඩ් වැඩ කෑල්ලක් ගැන. මම කියන පියවරවල් ටික ඔයා අනුගමනය කරල බලන්න..

1.) VLC Media Player එක ඔපන් කරගන්න.
2.) {Ctrl} + {N} ඔබන්න.
3.) Screen:// ලෙස Type කරන්න.
4.) Play Click කරන්න.
5.) දැන් බලන්න මොකද වෙන්නේ කියල.

Comment එකක් දාන්න අමතක කරන්න එපා...


READMORE
 

DAEMON Tools Lite (Life Time)

ඔන්න යාලුවනෙ මන් කාලෙකින් නියම භාණ්ඩයක් අරන් අවා මේක තමයි DAEMON Tools සෙට් එකෙ පරණ product එකක් මේක සුපිරි භාණ්ඩයක්. ඔන්න විස්තර ටික මෙතනින් ගිහින් බලන්න ඔවා ඒ සයිට් එකෙන් දෙන්නෙ මාසෙකට විතරයි ඊට පස්සෙ ඔයාලට ඔය සොෆ්ට් එක පාවිච්චි කරන්න බැහැ, ඉතින් මන් අද ඔගොල්ලොන්ට දෙනවා ජිවිත කාලයටම.මේ සොෆ්ට් එක හැමදාටම තියා ගන්න නම් ඔගොල්ලොන්ට  €14.90 විතර වියදම් කරන්න වෙනවා.එහෙනම් අපි බලමු මේකෙන් කරන්න පුලුවන් වැඩ ටික 

Mount *.mdx, *.mds/*.mdf, *.iso, *.b5t, *.b6t, *.bwt, *.ccd, *.cdi, *.bin/*.cue, *.ape/*.cue, *.flac/*.cue, *.nrg, *.isz disc images to a virtual drive

Create .iso, *.mds/*.mdf and *.mdx images of CD, DVD, Blu-ray discs

Compress your images

Protect images with password

Manage your Image Collection


ඔන්න එහෙනම් පහලින් බා ගන්න.

Download HERE

දා ගන්න දන්නෙ නැත්නම් Comment එකක් දාන්න

READMORE
 

Halo 4: Forward Unto Dawn (2012)


ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම චිත්‍රපටියක්  මම අරගෙන ආවා. IMDb රේටින් වල 8.4/10 ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටිය ලෝකප්‍රසිද්ධ Halo පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියක්. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 70 වෙනි ස්ථානයේ තියෙන්නෙත් මෙම චිත්‍රපටියයි. Halo පරිගණක ක්‍රීඩාවේ ඉන්න හතුරු හමුදාවේ චරිත, ආයුධ, යානා ඒ ආකාරයෙන්ම මේ චිත්‍රපටියෙත් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි අපේ සුපිරි සොල්දාදුවා, ඔහුගේ ආරක්ෂිත ආවරණ, ආයුධ ආදියත් එලෙසින්ම මේ චිත්‍රපටි‍යේ දැකගන්න පුළුවන්. සටන් ජවනිකා වලින් පරිපූර්ණ මෙම චිත්‍රපටිය කාලෙකින් බලන්න ලැබෙන ඉතාමත් සුපිරි නිර්මාණයක් කියලා කිව්වොත් ඒක වැරදි නැහැ.මෙම චිත්‍රපටිය නිපදවීමට මෙහි නිශ්පාදකවරු විසින් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

මේ චිත්‍රපටියේ කතාව ගෙතිලා තියෙන්නේ තෝමස් ලැස්කි නම් කෙඩෙට් නිලධාරියෙකු වටායි. ඔහුගේ සහෝදරයා, මව සහ පියා ද හමුදා සොල්දාදුවන්. ඉතින් හමුදා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමට පැමිණෙන මේ සිසුවාට සහ සවත් සිසු සිසුවිටන්ට හදිසියේම පිටසක්වල ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙනවා. මෙයාලට බේරෙන්න විදිහක් නැතුව ඉන්නකොට අවසානයේ එතනට අර සුපිරි සොල්දාදුවා පැමිණෙනවා. ඔයාලා Halo පරිගණක ක්‍රීඩාවේ යෙදුනනම් දන්නව ඇති ඔයාලා විසින් හසුරවපු සුපිරි සොල්දාදුවා ගැන… එයාම තමයි මෙතනටත් එන්නේ. ඉතින් මේ පිටසක්වල ප්‍රහාරයෙන් ගැලවෙන්න මේ අය දරණ උත්සාහය වටා තමයි මේ චිත්‍රප‍ටිය ගලාගෙන යන්නේ.. ඒ අතරේ පොඩි ආදර සම්බන්ධතාවයකුත් මේ කෙඩෙට් නිලධාරි දෙන්නෙක් අතරේ ඇති වෙනවා.

ඉතින් යාළුවනේ, කවුරු අතරද මේ ආදර සම්බන්ධතාවය ඇති වෙන්නේ? ඒ සම්බන්ධතාවයට අවසානයේදී මොනව වේවිද? අපේ ලැස්කි කොහොමද සුපිරි සොල්දාදුවාට සටන ජය ගන්න උදව් කරන්නේ? ලැස්කිට උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන් වේවිද? ඒ කෙසේ වෙතත් ලැස්කිට ජීවිතේ බේරගන්නවත් පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.. Halo පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරලා තියෙන කෙනෙක්ට මේක බලනකොට ඒ ක්‍රීඩාවේ තියෙන දේවල් මතක් වේවි. ඒක සෙල්ලම් නොකරා කියලා මේක රසවින්දනයට කිසිම බාධාවක් නැහැ. ජයවේවා!

View Trailer

READMORE
 

Universal Soldier Day Of Reckoning -2012


කතාව:

යුනිවර්සල් සෝල්ජර් නම් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටි කතා මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි මේ.වෑන් ඩෑම් ,ස්කොට් අඩ්කින්ස් හා ඩොල්ෆ් ලන්ග්රෙන්ඩ් යන ක්‍රියාදාම නළුවන් තමයි ප්‍රදාන චරිත රඟපාන්නේ .ජෝන් කෝමා තත්වයක සිට නැවත සිහිය ලැබීමෙන් පසු ලුහුබැඳ යන්නේ ඔහුගේ බිරිඳ සහ දරුවන් අමානුෂික අන්දමින් මරාදැමූ ඝාතකයන්ය.මෙහෙදී ඔහුගේ ප්‍රධාන සැකකරු වන්නේ ලුක් දිවරෂ් (වෑන් ඩෑම්)ය.ජෝන් තම සැකකරු ග්‍රහණය කරගැනීමට සැරසෙද්දී තවත් කෲර හමුදා කණ්ඩායමක් ජෝන් පසුපස ලුහුබදින්නේ සිදුවන දෙය සිතාගනීමටත් නොහැකිව පරිදිය.ඉන්පසු ජෝන් තම බිරිඳ සහ දරුවන් ඝාතනය වූ දිනයේ සිදුවීම් නැවත මතකයට නංවා ගැනීමට උත්සහ දරන අතර ඔහුගේ නියම සතුරා කවුරුන් විය හැකිද

නිකුත් වූ දිනය : නොවැම්බර් 4, 2012 

මුළු අදායම : _ 

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක



Screen caps 





READMORE
 

The Dark Knight Rises (2012)



කතාව: 

ඔන්න යාලුවනේ කට්ටිය බලාගෙන හිටපු තවත් සුපිරි චිත්‍රපටියක් වෙන බැට් මෑන් චිත්‍රපට මාලවේතුන් වෙනි සහ අවසන් චිත්‍රපටය නිකුත් වෙලා. ගොඩක් අය මේක බලන්න කැමැත්තෙන් ඉන්න ඇති. මේ චිත්‍රපටයත් එක්ක ක්‍රිස්ටෝපර් නොලාන් ගේ , බැට් මෑන් චිත්‍රපට මාලාව නිමාවට පත් වෙනවා. මේ වෙනකොට ඩාර්ක් නයිට් කතාවට පස්සේ බැට් මෑන් නැත්නම් බෘස් වේන් බැට් මෑන් ට සමු දීලා. නමුත් බේන් නම් ත්‍රස්වාදී නායකයෙකුගේ ක්‍රියාකාරීත්වයත්  එක්ක නැවතත් ගොතම් නගරය අනතුරු දායක තත්වය කට මුහුණ දෙනවා. ඉතින් බේන් ගෙන් නගරය බේරා ගැනීම සදහා නැවතත් බෘස් වේන් ට බැට් මෑන් බවටනැවතත් පත්වෙන්න වෙයි.

නිකුත් වූ දිනය : ජූලි 20, 2012

මුළු අදායම :ඩොලර් මිලියන 1080

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය : ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය



Screen caps



READMORE
 

Step Up Revolution (2012)


මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම සිනමා සිත්තමක් මන් අද ඔයාලට අරන් අවා..පහුගිය දින වල අපේ රටේ සිනමාහල් වල මේ චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳදමමින් ප්‍රදර්ශනය උනා ඔයාලට මතක ඇති. මේ වන විටත් IMDb රේටින් වල 6.1/10න් ලබා තියෙන මෙම චිත්‍රපටිය Step Up චිත්‍රපටමාලාවේ සිව්වෙනි චිත්‍රපටියයි. හරිම ලස්සන නැටුම් කලාවක් මෙම චිත්‍රපටියෙන් ඔයාලට ගෙන එනවා. අපිටනම් එහෙම නටන්න තියා හිතාගන්නවත් බැහැ. හරිම නිර්මාණශීලී, ඉස්තරම්ම විදිහේ නර්තන තියෙන මේ චිත්‍රපටිය කවුරුවත් නොබලා ඉඳීවි කියලා මමනම් හිතන්නෙ නැහැ. ඒ තරමටම පට්ටයි.
මෙම චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ මියාමි නගරයේ සිටින නැටුම් කල්ලියක් වටායි. ඒ කල්ලිය අමුතු අමුතු තැන්වල අමුතු අමුතු විදිහේ නර්තන ප්‍රසංග ඉදිරිපත් කර එම වීඩියෝ යූ-ටියුබ් වෙබ් අඩවියේ ඇති තරඟයකට ඉදිරිපත් කරනවා. එම තරඟය තියෙන්නේ මිලියන දහයක් නරඹන පලමු වීඩියෝවට විශාල ත්‍යාග මුදලක් ලබා දීමටයි. ඒ අතරේ ව්‍යාපාරිකයෙක් විසින් මියාමි නගරයේ සංවර්ධන වැඩසටහනක් දියත් කරනවා. ඒ සංවර්ධන වැඩසටහන නිසා අපේ මේ නර්ථන කණ්ඩායමේ සාමාජිකයින්ට උන්හිටි තැන් අහිමි වෙන්නයි යන්නේ.. ඔවුන් එයට විරුද්ධ වෙන්න යොදා ගන්නෙත් මෙම නර්තන කල්ලි සම්ප්‍රදායයි. මේ අතරේ අර ව්‍යාපාරිකයගෙ එකම දුවත් හොරෙන් මෙම නර්තන කල්ලියට එකතු වෙනවා. එහෙම එකතු වෙන්නේ එයා වෙනත් නර්තන ආයතනයක රැකියාවක් කිරීමට අවශ්‍ය නර්තන සුදුසුකම් සපුරා ගැනීමටයි. ඒ අතරේ මේ එමලි නම් ගෑනු ලමයා මේ නැටුම් කණ්ඩායමේ ඉන්න ෂෝන් කියන අපේ ප්‍රධාන නළුවත් එක්ක පුංචි හාදකමකුත් ඇති කර ගන්නවා. කතාව නියමෙට ගලාගෙන යනවා..
ඉතින් අපේ මේ මියාමි වාසීන්ට ඔවුන්ගෙ නිවාස අර සංවර්ධන ව්‍යාපෘතිය නිසා නැති වේවිද? ඒ වෙනුවෙන් මේ අපේ නර්තන කල්ලිය මොන වගේ නැටුම් නටාවිද? ව්‍යාපාරිකයගෙ දුව තාත්තගෙ පැත්ත ගනීවිද, නැත්නම් කොල්ලගෙ පැත්ත ගනීවිද? ඔවුන්ට අර යූ-ටියුබ් වෙබ් අඩවියේ තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? ව්‍යාපාරිකයා මේ නර්තන කල්ලිය මැඩපවත්වන්න මොන වගේ පියවර ගනීවිද? වගේ පැණයන්ට පිළිතුරු චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!

View Trailer


READMORE
 

Free Norton 360 v6.0 (2012) 90 Days

මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් රජ වැඩකාරයෙක්... මමත් මේ දවස් වල පාවිච්චි කරන්නෙ මේක. මේක කියලා කිව්වෙ Norton 360ය. දැනට ලෝකේ දියුනුම රටක් වන ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ Norton 360යට. මේක නම් පට්ට. කියලා වැඩක් නෑ. කිසිම ස්ලෝව් වීමක් නෑ. ඔයාගේ පරිගණකයටත් Norton 360ය ගැලපෙනවාද කියලා වැඩි විස්තර බලා ගන්න ඕන නම් මෙතනින් යන්න. ඔතනින් ගිහිල්ලා බැලුවාට නම් කමක් නෑ. හැබැයි ඩවුන්ලෝඩ් කරන්න නම් යන්න එපා. මොකද ඔතනින් ඩවුන්ලෝඩ් කර ගත්තොත් ඔයාලට ලැබෙන්නෙ දවස් 30ක ට්‍රයල් එකක්. ඒක තේරුමක් නෑනේ. මම පහලින් දාන්නම් දවස් 90වක් ඒ කියන්නෙ මාස 3ක් එක දිගට ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්.එහෙනම් ඔයාලා Norton එක පහලින් බා ගන්නකෝ...


එහෙනම් ඔගොල්ලොන්ට මෙකෙන් වැඩක් උනා නම් කම්මෙන්ට් එකක් දාලා Follw පාරක් දාලා යන්න ඔබට ජය!


READMORE